Post by Pamith Herath

Software Engineering Undergraduate | Java Developer | UI/UX | Professional Photographer & Editor

අපි හැමෝම වගේ website එකකට login වෙන්න ගියාම එකපාරටම Traffic Lights තෝරන්න, Bicycles තෝරන්න, Crosswalks තෝරන්න කියලා CAPTCHA එකක් එනවා නේද? 😵‍💫 ඇත්තටම මේකෙන් වෙන්නේ "ඔයා Robot කෙනෙක්ද නැද්ද?" කියලා බලන එක විතරක් කියලා ගොඩක් අය හිතනවා. හැබැයි ඒක සම්පූර්ණ කතාව නෙවෙයි. මේ වගේ image-based reCAPTCHA වලින් සමහර අවස්ථාවල Google එකට ලැබෙන්නේ AI models වැඩිදියුණු කරන්න වටිනා human feedback. උදාහරණයක් විදිහට, traffic lights, bicycles, crosswalks වගේ objects මිනිස්සු හඳුනාගන්න විදිහ AI systems වල accuracy වැඩි කරන්න උදව් වෙනවා. ඒ කියන්නේ ඔයා පින්තූරයක් select කරන හැම වෙලාවකම, ඒ data එක AI systems improve කරන්න භාවිතා වෙන්න පුළුවන්. ඒත් මෙතන තියෙන පොඩි clarification එකක් කියන්න ඕන. ගොඩක් දෙනා කියනවා මේක සම්පූර්ණයෙන්ම Waymo self-driving cars train කරන්න විතරයි කියලා. ඒක හරියටම ඇත්ත නෙවෙයි. Google එක reCAPTCHA වල data භාවිතා කරන හැටි සම්පූර්ණයෙන්ම public කරලා නැහැ. Bot detection, security, image recognition models improve කිරීම සහ වෙනත් machine learning purposes වලටත් ඒවා භාවිතා වෙනවා කියලා තමයි දැනට තේරෙන්නේ. ඉතින් ඊළඟ පාර CAPTCHA එකක් ආවම ටිකක් වෙනස් විදියකට හිතෙයි. අපිට ඒක පොඩි කරදරයක් වගේ දැනුණත්, ඒ වගේ human input නිසා AI systems තව ටිකක් හොඳ වෙනවා. තාක්ෂණය කියන්නේ අපි දකින දේට වඩා ගොඩක් ලොකු කතාවක් තියෙන දෙයක්...🫡 #SoftwareEngineering #ArtificialIntelligence #MachineLearning #WebDevelopment #Tech #Technology #LinkedIn #SoftwareDeveloper #TechCommunity #SriLanka #IT #Colombo

Post content