Post by Gawesh Prabhashwara
AI Consultant - AI Solutions for Enterprises | Instructor @IDET | Technical Writer & Advisor | Turning Ideas into Enterprise Solutions to Fueling Business Growth & Guiding/ Mentoring Freshers to Thrive in Tech-Industry.
🔊 ඊයේ හෑල්ල කියවලා මේ වෙද්දිත් ගොඩක් අය Demotivate වෙලා කියලා මට තේරෙනවා මට මේ වෙද්දි ආපු Messages වලින්. ඇත්තටම මං ඒ Article එකෙත් කිවුවා කාවවත් Motivate or Demotivate කරන්ඩ නෙමෙයි මං ඒක ලිව්වෙ, ඔයාලා හීන ලෝක කියලා හිතං ඉන්න හැමතැනම එහෙම නෑ කියන ඇත්ත කියලා දෙන්ඩ විතරයි මට ඕනේ වුනේ. ඇත්තටම ඊයේ මං කතාකරේ ලංකාවේ IT-Industry එකේ තියෙන Worst පැත්තක්. අද කතාකරමු අපි සාධාරණව සහ මධ්‍යස්ථව මේ ගැන. 🔔 ලංකාවේ තියෙන ගොඩක් Company වල මේ වෙද්දි Associate Software Engineer කෙනෙක්ට ලක්ෂෙකට වඩා ගෙවනවා.(ගොඩක් කියන්නෙ ඔක්කොම නෙමෙයි ඈ, මං ඊයේ කිව්වනෙ ලොකු නම් තියෙන Company වල තාමත් ගාමන්ට්-පඩි යනවා කියලා!) ඒ වගේම ලක්ෂ 2ක් විතර වෙනකං Range එකේ පඩි ගෙවන තැන් තියෙනවා කියලත් මං කිව්වනෙ. දැං ඔයාලට හිතෙන්ඩ පුලුවන් මේ මනුස්සයා මේවා කිව්වට ඇයි Companies වල නම් කියන්නැත්තෙ කියලා නේද? - ඒකට හේතූ 3ක් තියෙනවා. 1️⃣ ඒක Ethical නෑ. 2️⃣ මට කිසිම අයිතියක් නෑ මං සම්බන්ධ නැති පාර්ශවයන්ගෙ Confidential දේවල් Publicly-Mention කරලා කියන්ඩ. 3️⃣ මම දේවල් ගැන දැනුම්වත් කරන්නෙක් මිසක්, මේක හරි/ මේක වැරදී කියලා කියන කෙනෙක් නෙමෙයි. හරි ආයේ එමු කතාවට, ඒ වගේම ගොඩක් Companies වල මේ වෙද්දි 150K to 350K වෙනකං Software Engineer Designation එකේ ඉන්න කෙනෙක්ට පඩි ගෙවනවා.(ඊට වඩා ගෙවන අවස්ථාත් තියෙනවා!) ඒ වගේම Senior Software Engineers ලට 200K to 500K වෙන්කං ගෙවනවා ඒ ගොඩක් තැන්වල, ඒ වගේම ලක්ෂ 5ට වඩා ගන්න SSE ලත් ඕනේ තරං ඉන්නවා ඈ! Lead ගත්තාම ඒක කොටස් 3කට බෙදෙනවා. Associate/ Lead/ Senior කියලා, ඉතිං 350K to 800K වගේ Range එකක් තමා ගොඩක් තැන්වල යන්නෙ. හැබැයි ඉතිං 1M+ ගන්න අයත් ඕනේ තරං ඉන්නවා. ඒ වගේම තමා Architect Role එකත්, ඒකත් Associate, Architect, Senior, Principle වෙන්කං Designations වලට යනවා. 500K to 1.2M වගේ Range එකක් තමා ගොඩක් තැන්වල යන්නෙ. හැබැයි 3M ගන්න මං දන්න Architectලත් මේ රටේ ඉන්නවා ඈ! හරි ඊයේ මං කියලා දුන්නනෙ එකම Company එකේ ඉද්දි Salary යන විදිහ. ඒ වගේම මං ඊයේ කියලා දුන්නනෙ Critical or Performance-Based විදිහටත් ඒවා වෙනස් වෙනවා කියලා. තව වැදගත් දෙයක් අද කියලා දෙන්නං, මේ වෙද්දි ගොඩක් ලොකු නම් තියෙන Reputed Companies ගොඩක් ASE Roles වලට Hire කරන එක නවත්තලා තියෙනවා. ඒ වෙන මුකුත් හින්දා නෙමෙයි ඒ Companies මේ වෙද්දි අලුත් වැඩක් කරනවා, සාමාන්‍යයෙන් JD වල SSE Requirements දාලා SE Designation වලට Hire කරනවා. ඇත්තටම ඉතිං ඒවා අවුලකුත් නෑ, එයාලා SE ට හොයන අයගෙ Requirements තීරණය කරන්නෙ එයාලනෙ. ඒකට වැරදී කියන්නෑ මං, මං ඒක කිව්වෙ මේ දවස්වල මගෙන් Resume-Review වලට එන අය එවන JD දැක්කාම. ✅ දැං කතාකරමු අපි Company මාරුකිරිල්ල ගැන. ඇත්තටම ඔයා වැඩකරන තැන්වල හරියට වැඩකරගෙන, Upto-Date Skill Set එක Practice එකේ තියාගෙන ඉන්නවනං අවුරුදු 3,4න් වගේ Shifting වලට ගියාට ප්‍රශ්නයක් නෑ. ඇත්තටම මං මේ ගැන Seniorsලා ගොඩක් අය එක්ක කතාකරලා තේරුංගත්තු දේවල් තමා මං මේ Shifting ගැන කතාකරන්නෙ. මොකද මම එක Company එකක වැඩකරා, එතනින් අයින් වුනාට පස්සෙ මං ආයේ Job කරලා නෑ, දිගටම මගෙ Freelancing වැඩ & Services එක්ක තමා මං මගෙ ගමන යන්නෙ.(Freelancing කියන්නෙ Fiver/ Upwork, etc. පමණක් නොවන බව කරුණාවෙන් සලකන්න.) සාමාන්‍යයෙන් ගොඩක් උඩ තැන්වල ඉන්න අය මට කියලා තියෙන්නෙ Shifting කරද්දි Position එකක් උඩට දාගන්ඩත් බලාගෙන Try කරන්ඩ, Salary එක විතරක්ම බලාගෙන කරන්ඩ එපා කියලා. හෙට Part - 3 එකෙන් හම්බෙමු! 👋 💎 Stay Focused & Happy Learning! ♥️