Post by Eyeview Sri Lanka

367 followers

Design Square Academy, ශ්‍රී ලංකාවේ මීළඟ පරපුරේ අභ්‍යන්තර නිර්මාණකරුවන් බිහිකිරීම සඳහා ආධුනිකත්ව පාදක පුහුණු ආකෘතියක් හඳුන්වා දෙයි. Design Square ඇකඩමිය අභ්‍යන්තර සැලසුම්කරණ අධ්‍යාපනයේ නව යුගයක් සනිටුහන් කරමින් සිය ගමන නිල වශයෙන් ආරම්භ කළේය. කටුනායක Ramada හෝටලයේ පැවැති උත්කර්ෂවත් උත්සවයකදී එළිදැක්වුණු මෙම නව අධ්‍යාපන ආකෘතිය, සාම්ප්‍රදායික න්‍යායන්ගෙන් ඔබ්බට යමින් ප්‍රායෝගික කර්මාන්ත අත්දැකීම්, ප්‍රවීණයන්ගේ මඟපෙන්වීම සහ සැබෑ ව්‍යාපෘති අත්දැකීම්වලට මුල්තැන ලබාදෙයි. මෙම ක්ෂේත්‍රයේ වත්මන් ප්‍රධානතම අභියෝගයක් වන පන්තිකාමර අධ්‍යාපනය සහ වෘත්තීය ප්‍රායෝගික භාවිතය අතර පවතින පරතරය පියවීම සඳහා සකස් කරන ලද මෙම නව අධ්‍යාපන ආකෘතිය එළිදැක්වීමේ අවස්ථාවට ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන්, අධ්‍යයන හවුල්කරුවන්, මාධ්‍ය නියෝජිතයන් සහ නැගී එන නිර්මාණකරුවන් රැසක් එක්ව සිටියහ. ආයතනික, නේවාසික සහ වාණිජ ක්ෂේත්‍රයන්හි ව්‍යාපෘති නිම කිරීම සම්බන්ධයෙන් දශකයකට අධික විශ්වාසනීය ඉතිහාසයක් හිමි, මෙරට ප්‍රමුඛ පෙළේ අභ්‍යන්තර සැලසුම්කරණ ආයතනයක් වන Design Square පුද්ගලික සමාගමේ පුහුණු අංශය ලෙස මෙම ඇකඩමිය ක්‍රියාත්මක වේ. සජීවී ව්‍යාපෘති ඇසුරින් ලබාදෙන ආධුනිකත්ව පුහුණු ක්‍රමවේද හරහා, වර්තමාන ව්‍යාපාරික ලෝකයේ ඉල්ලුමට සරිලන ඉහළ වෘත්තීය නිපුනතාවයකින් යුතු අභ්‍යන්තර සැලසුම්කරුවන් පිරිසක් ක්ෂේත්‍රයට දායාද කිරීම මෙහි මූලික අරමුණයි. සාම්ප්‍රදායික පාඨමාලා බොහෝ විට න්‍යායාත්මක දැනුමට වැඩි අවධානයක් යොමු කළද, Design Square ඇකඩමිය සිසුන්ට සජීවී ව්‍යාපෘති පරිසරයන් තුළ සෘජු අත්දැකීම් ලබාදීම කෙරෙහි ප්‍රමුඛතාවය ලබා දෙයි. එමඟින් අභ්‍යන්තර නිර්මාණ සහ නිමවුම් (fit-out) ක්‍රියාවලියේ සියලු අදියරයන් පිළිබඳ ප්‍රායෝගික අවබෝධයක් ලබා ගැනීමට සිසුන්ට හැකි වේ. බිම් සැකසීමේ පද්ධති, සිවිලිම් ස්ථාපනය, අවකාශ සැලසුම්කරණය, නිමවුම් තේරීම්, ව්‍යාපෘති සම්බන්ධීකරණය සහ ක්‍රියාත්මක කිරීම ඇතුළු වෘත්තීය ක්ෂේත්‍රයේ සැබෑ අභියෝගවලට ඔවුන් ආරම්භයේ සිටම මුහුණ දෙයි. Design Square ඇකඩමියේ පුහුණු ප්‍රවේශය හැඩගැසී ඇත්තේ, ව්‍යාපෘති, සේවාදායකයින්, ද්‍රව්‍ය සහ ඉදිකිරීම් පරිසරයන් සමඟ සජීවීව නිරත වීමෙන් සිසුන්ට වඩාත් ගැඹුරු සහ අර්ථවත් ඉගෙනුමක් ලබාගත හැකි බවට ඇති විශ්වාසය මතය. ක්‍රමවත් න්‍යායාත්මක උපදෙස් සහ වැඩබිම් ආශ්‍රිත ප්‍රායෝගික පුහුණුව ඒකාබද්ධ කිරීම හරහා, නිර්මාණශීලී චින්තනය මෙන්ම තාක්ෂණික කුසලතාව ද වර්ධනය කිරීමට මෙම වැඩසටහන අපේක්ෂා කරයි.

Post content